හඳුන්ව ජනතාව ඉල්ලනවා – ජ.වි.පෙ.

hadun

මාතර දිස්ත්‍රික්ක්කයෙන් තරඟ කර පරාජය වූ සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට තීරණය කළේ ඡන්දෙන් පසු ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මාධ්‍ය වලට පවසා තිබේ. හඳුන්නෙත්ති පරාජිත අපේක්ෂකයකු ලෙස පිළිගත නොහැකි බවත්, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් නොවුනේ පක්ෂ අපේක්ෂකයන් අතර තරගයකින් මනාප අඩු වීම නිසා නොව පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය මදක් අඩුවීම නිසා බවත් ඔහු පවසයි. සිය ජාතික ලැයිස්තුවෙන් උගතුන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත් කරන බව මුලින් පැවසු ජ.වි.පෙ. පරාජය වූ අපේක්ෂකයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් කිරීමට ගත් තීරණය විවාදයට බඳුන් වී තිබිණි.

Leave a Reply