එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට සන්ධාන හවුල්කාර පක්ෂවල අත්‍යවශ්‍ය නියෝජිතයින් පත්කිරීම සිදුනොවීම ගැන තමන් කනගාටු වන බව සන්ධාන හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඉකුත් මහමැතිවරණයේදී මන්ත්‍රීධුර 95 හිමිවුයේ සන්ධානයේ පක්ෂ එකට තබාගෙන මැතිවරණයේ නිරතවීමේ ප්‍රතිඵලයක් ලෙස බවය.
මහලේකම්වරයා ලෙස මහාචාර්ය විශ්වා වර්ණපාලගේ අනුදැනුමෙන් ඊට අත්සන් තබා තිබුණේ ද සුසිල් පේ‍්‍රමජයන්ත් වුවත් මැතිවරණයට දින දෙකකට පෙර අධිකරණ නියෝගයක් ලැබීම හේතුවෙන් ඒ අනුව කටයුතු කිරීමට සිදුව ඇති බවද ඔහු පවසා තිබේ.
මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගණන 12ක් හිමිවු අතර ඉන් 7දෙනෙකුම පරාජිත අපේක්ෂකයන් වීම විවේචනයට බඳුන් වී තිබිණි.