ශී‍්‍රලනිපය සාමාජිකයින් වන මොවුන් එජනිස යේ විධායක සභාව නියෝජනය කල අතර ඊයේ සහ අද දිනය තුල මොවුන් සිව්දෙනා මෙතෙක් එජනිසය තුල උසලනු ලැබූ විධායක සභික ධුරයන් ඉවත් කර තිබේ.
මේවන විට ශී‍්‍රලනිපය තුල මෛතී‍්‍ර පාර්ශවය විසින් සිය පාර්ශවයේ බලය තහවුරු කරගනිමින් සිටින අතර මැතිවර්ණයට ආසන්නවත් ඉන් පසුවත් මෙම තත්වය උග‍්‍රකර තිබේ.
ඊයේ දිනයේදී ශී‍්‍රලනිපය හා එජාපය අතර ඇතිකරගත් එකගතාවය හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානය හෝ වෙනත් පක්ෂයක මන්තී‍්‍රවරයකු ආණ්ඩුවට එක්කර ගැනීමේදී එජාපයට එම තීරණය තනිව ගනීමට නොහැකි බව වාර්තාවේ මේ හේතුවෙන් යම් ශී‍්‍රලනිප සාමාජිකයකු ආණ්ඩුවට එක්කර ගැනීමට පෙර ජනාධිපිතිවරයාගේ අනුමැතිය ඊට ලැබිය යුතුය.
මේ කාරණය හේතුවෙන් පසුගිය මහින්ද රාජපක්ෂ පාලයේදී මෙන් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමේදී ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකගතාවයෙන් පසු තීරණය කරණු ලබන තතවයක් මේ වන විට නිර්මාණයවී ඇත.
ඊට අමතරව එජාප හා ශී‍්‍රලනිපය දෙපක්සයේ ජනතා නියෝජිතයන්ට එකගතා ගිවිසුමකි‍්‍රයාත්මක වන කාලය තුල පක්ෂ මාරු කිරීමටද නොහැකි බවට වූ වගන්තියක්ද අඩංගුකොට තිබේ.
මේ හේතුවෙන් පිල්මාරු කිරීමට සූදානමින්සිටි දේශපාලකයන් දැඩි නොසන්සුන් තත්වයකට පත්ව ඇතැයි වාර්තාවේ.