විපක්ෂ නායක ධුරය ටී.එන්.ඒ.ඉල්ලයි

tna

ද්‍රවිඩ ජාතික සංධානයේ සෙල්වම් අඩෛයිකලනාදන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය එක්වී ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගන්නවානම් තම පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායනකධුරය හිමිවිය යුතු බවයි.

ඒ සදහා ද්‍රවිඩ ජාතික සංධානයේ නායක ආර් සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධුරය ලැබිය යුතු බව තම සංධානයේ අදහස බව ඔහු එහිදී වැඩිදරටත් පවසා ඇත. මෙවර පාර්ලිමේන්තු සංයුතිය අනුව එජාප හා එජනිස හැරුණුවිට වැඩිම ආසන ගණනක් හිමිව ඇත්තේ ටී. එන්.ඒ. වෙතයි.

ඔහු එහිදී පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන හිමි ප්‍රධාන පක්ෂ දෙකම එක්වී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළවිට විපක්ෂයේ පක්ෂ අතරින් ආසන 16ක් හිමිකරගෙන තෙවැනි තැනට පත්ව ඇති පක්ෂය වන්නේ ද්‍රවිඩ ජාතික සංධානය බවයි.

එබැවින් තම පක්ෂයට  එළැඹෙන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමිවිය යුතුබව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත.

Leave a Reply