තම සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතාවයේ යෙදී සිටි හම්බන්තොට වරාය සේවකයන්ට අද උදෑසන නාවික හමුදාව පහර දී ඇති බවත් එම අවස්ථාවේ වාර්තාකරණය සදහා එහි ගිය මාධ්‍ය වේදීන්ටද ප්‍රහාර එල්ල කළ බවත් වාර්තා වේ.
හම්බන්තොට වරායේ ‘මාගම්පුර කළමනාකරණ පුද්ගලික සමාගමේ‘ සේවකයින් තමන් වරාය අධිකාරියට අනුයුක්ත කරන ලෙස ඉල්ලා වර්ජනයක් ආරම්භ කරන ලදී. අද වනවිට සේවකයෝ 483 දෙනෙකු මෙලෙස උපවාසයේ නිරතව සිටියහ.
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුවේ සැලසුම් නිසා තම සේවා සුරක්ෂිතතාව වෙනුවෙන් හා සේවා ස්ථිරකිරීමේ ඉල්ලීමට මෙසේ දින ගණනාවක විරෝධතා පැවැත්වූ පිරිසට වෙඩි තැබීමට හා මාධ්‍යෙව්දීන්ගේ ජීවිත අවදානමට හෙලීමට නාවික හමුදා භටයන් කටයුතු කළ බව පෙනී යයි. මෙය ආණ්ඩුවේ මර්දනීය ක්‍රියාදාමය යළිත් වරක් පෙනී යන අවස්ථාවකි.වරාය සේවකයන්ගේ වෘත්තිය ක්‍රියාමාරර්ගයට සාධාරණ මැදිහත්වීමක් පාලකයන් යවිසින් සිදුනෙකළ නිසා වරායේ ප්‍රමාදවන නැව් ඉවත්කිරීමට යැයි කියමින් නාවික හමුදා ඩෝරා යාත්‍රා යොදවා ප්‍රහාරක භටයන් සියගණනක් වෙඩි පහර එල්ල කරමින් වරායට ඇතුලු වී ඇත. ඔවුන් වරායට ගොඩ බැස්ස පසු ඒ වනවිට වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටි වරායේ සේවකයින් සමග ගැටුමකට පැමිණි නිසා උණුසුම් තත්වයක් හට ගැණුනි. එහිදී නාවික හමුදා නිලධාරීන් තුවක්කුවලින් හා පොලුවලින් විරෝධතාකරුවන්ට පහර එල්ල කර තිබේ. එසේම එම සිදුවීම් වාර්තා කළ මාධ්‍ය වේදීන්ටද ප්‍රහාර එල්ල කර ඇත.
වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ ගිණි අවිවලින් හා පොලුවලින් පහර පිට පහර දෙන්නට වූ බවද බිම පෙරලා පයින් මැඩගෙන සිටි බවද පහර කැමට ලක් වූවෝ කියති. මෙම නාවික භටයන්ගේ අමානුෂික හිරිහැරයට ලක් වූ පස් දෙනෙක් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
මේ අතර පාර්ලිමේන්තුවේදී මේ පිළිබද ප්‍රකාහයක් කරමින් ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කීවේ නාවික හමුදාව වෙඩිතැබීමක් හෝ පහරදීමක් සිදු කළේ නැති බවයි. වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග කීවේ වරාය කටයුතු සම්බන්ධයෙන් බාධා පැමිණෙන්නේ නම් එය වලක්වාගැනීම රජයේ කාර්යයක් නිසා බලය යෙදවිය යුතු බවයි. සේවා ස්ථිර කිරීමට හිටපු ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව කිසිදු පොරොන්දුවක් දී නැතිබව කී ඇමැතිවරයා වරාය සේවකයන් නොමැතිව නාවික හමුදාව යොදවා වරාය කටයුතු බවත්වාගෙන යාමට තමන් සූදානම් බවද ඔහු කීය.
කෙසේවෙතත් වරායේ නාවික මෙහෙයුම් කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත.


