පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා විනයපාලකවරයා ලෙස තවදුරටත් පිලිගැනීමට ශිෂ්‍ය ප්‍රජාවට හැකියාවක් නැති නිසා මින් පසුව ශිෂ්‍යයන්ට සම්බන්ධ කටයුතුවලට ඔහු නොයොදවන ලෙස මහා ශිෂ්‍ය සංගමය විසින් උපකුලපතිවරයාට දැනුම් දී ඇත.
තවත් ආචාර්යවරියක සමග ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් දණගස්වමින් පහත් ලෙස බැන වදිමින් ශිෂ්‍යයන් අවමානයට ලක් කිරීම හා හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් උපකුලපතිවරයාට ලිපියක් යවමින් දන්වා ඇත.
කිසිදු කාන්තා නියෝජනයක් නොමැතිව ශිෂ්‍යාවන්ගේ තුළට පිවිසෙන බව සහ මින් පෙරද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිරිහැර කිරීම නිසා ශිෂ්‍ය විරෝධයට ලක්වූ ඔහු පිළිබද පරිපාලනය කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය මෙම ලිපියෙන් අප්‍රසාදය හා විරෝධය පළ කර ඇත.
පසුගිය 9 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායමකට බරපතල පීඩාවක් ඇතිකරමින් එම පීඨයේ ආචාර්යවරියක හා විනයපාලක ගත් පියවර පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගගමය විසින් දැඩි ලෙස හෙළා දකිමින් උපකුලපතිවරයාට ලිපියකින් දන්වා ඇත්තේ එම පුද්ගලයා විනයපාලකවරයා ලෙස තවදුරටත් පිලිගැනීමට ශිෂ්‍ය ප්‍රජාවට හැකියාවක් නැති නිසා මින් පසුව කිසිදු ශිෂ්‍ය කටයුත්තකට සම්බන්ධ නොකරන ලෙසයි. තිබේ.
එම ලිපිය මෙසේය.
“උපකුලපති
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය.
2016-12-09
උපකුලපතිතුමනි
පරිපාලන නිළධාරීන් මැදිහත්වී පශු වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායමක් හිංසනයට ලක්කිරීම සහ විනය පාලක හා විනය ආරක්ෂක නිළධාරීන්ගේ ක‍්‍රියාකාරිත්වය සම්බන්ධවයි.
විනය පාලක හා විනය ආරක්ෂක නිළධාරීන් සම්බන්ධයෙන් නැවත ගැටළුකාරී මතභේදාත්මක වාතාවරණයක් සහ ශිෂ්‍ය ප‍්‍රජාව අතර දැඩි විරෝධයක් මේ වන විට ඇති වී තිබේ එයට හේතුව 2016-12 -08 දින පශු වෛද්‍ය පීඨයේ දෙවන වසර කණ්ඩායමට විනය පාලක ඇතුලූ කිහිප දෙනෙකුගේ අමානුෂීය පහත් මැදිහත් වීම වේ.
අප ඉතා දිගුකාලයක් තිස්සේ විනය පාලකගේ හැසිරීම සම්බන්ධව ඔබ තුමන්ට කරුණු ඉදිරිපත් කර ඇති අතර අප සහභාගී වන සාකකච්ජාවලට ද ඔහු සහභාගී නොකරන ලෙස අප ඉල්ලා සිට ඇත. නමුත් ඒ සම්බන්ධව විශ්වවිද්‍යාල පරිපාලනය ලෙස තවමත් ක‍්‍රියාමාර්ග ගෙන නොමැත. එසේම විනයාරක්ෂක නිළධාරීන් ස්වරුපයෙන් රාජ්‍ය බුද්ධි අංශය විශ්වවවිද්‍යාල වලට මැදිහත් වි ශිෂ්‍යයන්ගේ ඉදිරිපෙළ නායකයින් ක‍්‍රියාකාරී සාමාජිකයින් සියල්ලන්ගේම තොරතුරු බුද්ධි අංශවලට ලබාදීම විනය ආරක්ෂා කිරීමට යැයි කියන නිළධාරීන්ගේ එකම කාර්යය වන අතර අතර එසේ නොවන්නේ නම් පශූ වෛද්‍ය පීඨ ශිෂ්‍යයින්ට අමානුෂික ලෙස කායික හා මානසික හිංසනයට ලක් කිරිම සිනා මුසු මුහුණකින් ඔවුන්ට බලා සිටිය හැකි ද?
ඊයේ දවස (2016-12-08) තුළ විනය පාලක හා පශූ වෛද්‍ය පීඨයේ උම්මත්තක ආචාර්යවරියක් සහ තවත් පිරිසක් මැදිහත් වෙමින් දෙවන වසරේ ශිෂ්‍යයන් පිරිසක් අමානුෂික ලෙස කායික හා මානසික පීඩනයට ලක් කර තිබේ. දෙවන වසර කණ්ඩායම ශාලාවකට ගෙන ගොස් තිර යොදා ගනිමින් කාමරය ආවරණය කර ජංගම දුරකතන ක‍්‍රියා විරහිත කරන ලෙස බලකර ඒවා එකතු කර ගනිමින් සියළුම ශිෂ්‍යයන්ට තර්ජනය කර ඇත. එතනින් නතර නොවූ මෙම අවමානසික තත්වයෙන් පෙළන පුද්ගලයන් පැය එකහමාරකටත් වඩා වැඩිවේලාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අත් උස්සාගෙන සිටින ලෙස බල කරමින් දෙවන වසර ශීෂ්‍යන් බල කරමින්ග නවක වසර ශිෂයන් ඉදිරියේ දණ ගස්සමින් හිස තල්ලූ කරමින් පහර දෙමින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇත. එසේම සියළුම ශිෂ්‍යාවන් කලිසම් ඇදිය යුතු බවත් එම ශිෂ්‍යාවන් මෙලෙස සිටීම විඩියට බඩු කෑලි වගේ වැනි අමානුෂිකල අවරසික පහත් වචන භාවිතා කරමින් දෙවන වසර කණ්ඩායමේ ආත්ම ගෞරුත්වය පළමු වසර කණ්ඩායම ඉදිරියේ කෙලසමින් මෙම පහත් නින්දිත ක‍්‍රියාවලිය සිදු කර ඇත. එසේම මෙම විනය ආරක්ෂක නිළධාරින් මෙම සිදු වීම නිර්ණය සදහා පැමිණි අතර ඔවුන් සිනාමුසු මුහුණින් යුතුව මෙම සිදු වීම දෙස බලා සිට ඇත එම ක‍්‍රියාවලිය වැළැක්වීම සදහා කිසිදු ක‍්‍රියාමාර්ගයක් ඔවුන් විසින් ගනු ලැබ නොමැත.
මෙවැනි හැසිරීම් විනයපාලකගේ සහ විනය ආරක්ෂක නිළධාරීන් සිදු කළ ප‍්‍රථම අවස්ථාව නොවේ. විනය පාලකවරයා කිසිදු කාන්තා නියෝජනයක් නොමැතිව ඉංජිනේරු පිඨ ශිෂ්‍යාවන් සිටින එදිරිවීර සරච්චන්ද්‍ර නේවාසිකාගාරයේ ඇතුළට ගොස් ඉංජිනේරු ශිෂ්‍යාවන්ට බැණ වැදී ඇත. ඔහු පවසන පරිදි විනය පාලකවරයාට කාන්තා නේවාසිකාගාරවල කාමරවලට ද අවශ්‍ය නම් යාමට හැකියාව ඇත. නමුත් අප අදහස නම් ඔහුගේ ක‍්‍රියා කලාපයට අනුව පෙනී යන්නේ ඔහු මානසික වියවුලකින් පෙළනෙ බවයි.
මෙම කාරණය විනය පාලකෙවරයාගේ හෝ එය ආචාර්යවරියගේ ක‍්‍රියාවලියක් ලෙස පමණක් නොදකින අතර නවක සිසුන් පැමිණෙන කාල වකවානුවේ කුමන හෝ අර්බුදයක් විශ්වවිද්‍යාලය තුළ ඇති කිරීමට ආණ්ඩුව හා විශ්වවිද්‍යාල පරිපාලනය එකතු වී දරන උත්සාහයේ එක පියවරක් ලෙස සැලකිය යුතුය. මෙහි අරමුණ නවක අනුරූපිතා ක‍්‍රියාවලිය අඩපණ කරමින් ශිෂ්‍යයන් අතර පවතින එකමුතුකම සමගිය නැති කරමින් ශිෂ්‍යයන් භේද කරමින් පාලකයන්ගේ ප‍්‍රතිපත්ති වලට එරෙහි වන ශිෂ්‍ය ව්‍යාපාරය භේද භින්න කිරීමයි. එම නිසා අප මේ සදහා කිසි විටක ඉඩ ලබානොදෙන අතර මෙම උන්මන්තක අවමානුෂික විනය පාලකවරයා අද සිට විනය පාලක ලෙස අප පිළි නොගන්නා අතර කිසිදු ශිෂ්‍ය කටයුත්තකට ඔහු මැදිහත් නොකරන ලෙස ඉල්ලා සිටිමු. එසේම ඔහුගේ විනය සම්බන්ධව විශ්වවිද්‍යාල පරිපාලනය ලෙස ඔබතුමන් ගන්නා ක‍්‍රියාමාර්ග කුමක්දැයි දැඩි අවධානයෙන් යුතුව බලාසිටිමුත් එසේම මෙම පහත් ක‍්‍රියාව සදහා මැදිහත් වූ ආචාර්යවරු සරසවියට උචිත නොවන අතර ඔවුන් ශිෂ්‍යයන්ගේ ජීවිතවලට මග පෙන්වීමට සුදුසු නොවන බවද තරයේ කියා සිටිමු.
එසේම මෙම ක‍්‍රියාවලිය මර්වින් සිල්වා මහතා සමෘද්ධි නිළධාරියෙකු ගස් බැදීමත් කුරුණෑගල ගුරුවරියක් දණ ගැස්වීමේ ක‍්‍රියාවලියත් අතර කිසිදු වෙනසක් නොමැති අතර ශිෂ්‍යයන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර මීට එරෙහිව පියවර ගැනීමට අපි කටයුතු කරමු. එසේම මෙම සිදු වීම දෙස සිනාමුසු මුහුණකින් බලා සිටි විනය ආරක්ෂක නිළධාරීන් විනය ආරක්ෂා කිරීමට උචිත නෙවන බැවින් ඔවුන් කිසිදු ශිෂ්‍ය කටයුත්තකට මින් පසුව මැදිහත් නොකරන ලෙසත් ඔවුන් විනයාරක්ෂක නිළධාරීන් ලෙස පිළි නොගන්නා ලෙසත් ප‍්‍රකාශ කර සිටිමු. එසේම මෙම පහත් ක‍්‍රියාව සම්බන්ධයෙන් උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල පරිපාලනය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි අප දැඩි අවධානයෙන් යුතුව බලා සිටිමු.
සභාපති – මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය“