ඉල්ලීම් නොලැබුනොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

සිය සාමාජිකයින් හට ලැබිය යුතු වැටුප් වර්ධක හා සුබසාධන පහසුකම් නොලැබුණහොත් ඕනෑම මොහොතක වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහ අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිට ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බව වාර්ථා වේ,

රාජ්‍ය සේවකයින්ට 2016 ජානවාරි මස ලබා දුන් රු:2,500 සහ 2017 ජනවාරි මස ලබා දුන් රු: 1,900ක මුදල සිය සංගම් සාමාජිකයින්ට මේ වන තෙක් නොලැබී ඇති බවත්, ඒ අනුව මාසිකව රු: 4,400ක මුදලක් වැටුපෙන් ඔවුනට අහිමි වන බවත්, අවසන් වරට වැඩි කල රු: 10,000 ක මුදලේ අර්ථ සාධක මුදල පවා මේ වන තෙක් අය කර නොමැති බැවින් මසකට රු:2,000ක මුදලක් අර්ථ සාධක ගිණුමෙන්ද මාසිකව අහිමි වන බවත් දන්වා ඇත.

මීට අමතරව ශ්‍රී ලංගම ඩිපෝවල සහ උප ඩිපෝවල සනීපාරක්‍ෂක පහසුකම්, නේවාසික පහසුකම් හා සුබසාධන පහසුකම් ඉතා දුර්වල තත්වයක පවතින බවත් පෙන්වා දී ඇත.

විධිමත් මගී ප්‍රවාහන සේවයක්ට වෙනුවෙන් සිය සාමාජිකයින් මුහුණ පා සිටින වැටුප්, සනීපාරක්‍ෂක සහ නේවාසික පහසුකම් ගැටළු වලට ඉක්මන් විසඳුම් ලබා දෙන ලෙසත්, අවශ්‍ය නව බස් රථ ලබාදෙන ලෙසත්, ඩිපෝ ඉන්ජිනේරු අංශය වෙත නවීන තාක්‍ෂණික උපකරණ ලබාගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරන ලෙසත් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වී ඇත.

Leave a Reply