தமிழ்
English
Contact
Monday 23rd October 2017    
ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරේ « Lanka Views | Views of the truth

ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරේ



ඩෙංගු රෝගය උත්සන්න වීමත් සමඟ ඩෙංගු රෝගීන්ගෙන් දිවයිනේ ඇතැම් රෝහල් පිරි පවතින බව වාර්ථා.

මෙම තත්වයත් සමඟ අංගොඩ උන රෝහලට ඩෙංගු රෝගීන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව නතර කිරීමට එම රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණි.

එම රෝහලේ ඇදන් 180ක අවම පහසුකම් යටතේ රෝගීන් 500කට අධික පිරිසක් මේ වන විටත් නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සම්පත් හිඟය හේතුවෙන්  දිවයිනේ අනෙකුත් රෝහල් තුලද රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව වාර්ථා වේ.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,844ක් වාර්ථා වී ඇති අතර පසුගිය(2016) වසර පූරවටම වාර්ථා වී තිබුනේ රෝගීන් 55,150ක් පමණි.