කවි ලියූ ගුරුවරයාගේ මාරුව ගැන අමාත්‍යංශය බොරු කියයි – ලංකා ගුරු සංගමය
Posted on 06.15.2017 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
කුලියාපිටිය මාධ්‍ය විදුහලේ ගුරුවරයෙකු විසින් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කරන ලද කවි පන්තියක් හේතුවෙන් පලිගැනීමකට අදාලව එම ගුරුවරයා වෙනත් පාසලකට මාරු කර යැවීමේ සිදුවීම සම්බන්දව අධ්‍යාපන අමාත්‍යංශය බොරු ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.
පළිගැනීමට හේතුවූ බව කියවෙන ෆේස්බුක් ගිණුමෙහි තබන ලද සටහන.

අද(15) දින එම සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳ කරුණු දක්වා ඇත.
කුලියාපිටිය මාධ්‍ය විදුහලේ විද්‍යාව විෂය ඉගැන්වීමේ නිරත වූ මෙම ගුරුවරයා නාරම්මල මයුරපාද විදුහලේ ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සති දෙකක නිවාඩුක් ගෙන සිටින ගුරුවරයකු ඉගැන්වූ ගණිත විෂය ඉගැන්වීම සදහා අනුයුක්ත කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන පරිදි කුලියාපිටිය මාධ්‍ය විද්‍යාලයේ ගුරු අතිරික්තයක් හෝ මයුරපාද විදුහලේ ගුරු හිඟයක් හේතුවෙන් මෙම මාරු කිරීම සිදු නොකර ඇති බවත් පැහැදිලිවම මෙය පළිගැනීමක් බවත් වැඩි දුරටත් මෙම නිවේදනය තුළින් පෙන්වා දී තිබුණි.
ලංකා ගුරු සේවා සංගමය නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්.
