ලන්ඩන් මහල් නිවාස සංකීර්ණයේ ගින්නෙන් 17ක් මියයති
Posted on 06.15.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
ඊයේ ලන්ඩන් නුවර පිහිටි ග්‍රෙන්පෙල් කුළුණ ලෙස හැදින්වෙන තට්ටු නිවාස සංකීරණයේ දෙවන මහලේ ඇතිවූ ගින්න පැතිරීමෙන් එහි සිටි පුද්ගයින් 17 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවට විශ්වාස කෙරේ. මන්ද මෙම ගින්න ඇතිව තිබෙන්නේ රාත්‍රී කාලයෙදීවීමත් එම හේතුවෙන් මහල් නිවාසයේ පදංචි කරුවන් බොහෝ පිරිසක් එම අවස්ථාවේ සිය නිවෙස්වල නිදියමින් සිටින අතර මෙම ගින්න පැතිරයාම හේතුවෙනි.
මෙම ගින්නෙන් තුවාල ලබා ඇති පිරිස 30 වන අතර ඔවුන්ගේන් 17 දෙනෙකු අසාධ්‍ය තත්වයේ සුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිය ගණනක් පදිංචිකරුවන් සිය නිවාසවල සිරවී සිටි අතර පසුව ගිනි නිවන හමුදාව හා හදිසි ගලවා ගැනීමේ අංශ හා අපදා සහනසේවා භටයින්ගේ මැදිහත්වීමෙන් විශාල පිරිසක් බේරාගැනීමට හැකිව තිබේ. ගින්නෙන් ඇතිවූ දුම් ආඝ්‍රහණ වීමෙන් හා පිලිස්සීමෙන් මෙම ජීවිත හානි පැමිණ තිබේ.
මෙ කණගාටුදායක සිදුවීමෙන් පසුව බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ හා කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ද සිද්ධිය වූ ස්ථානයට ගොස් තත්වය විමසා බලා ඇතැයි වාර්තාවේ.
Related News