නීතිඥ සංගමයේ නව සභාපති යූ.ආර්. සිල්වා

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ 24 වැනි සභාපතිවරයා වශයෙන් නීතීඥ උදය රොහාන් සිල්වා තේරී පත්ව තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ නිලවරණයට සභාපති අපේක්ෂකවරු ලෙස නීතිඥ යූ.ආර්. ද සිල්වා, නීතිඥ අනුර මැද්දේගොඩ සහ නීතිඥ ආර්.ආර්.එස්. තංගරාජා යන මහත්වරුන් විසින් නාම යෝජනා භාරදී තිබිණී. නිලවරණයේ තේරීම් භාර නිලධාරිවරයා ලෙස ජනාධිපති නීතිඥ සොලිසිටර් ජනරාල් සුහද ගමලත් පත්කරන ලදී. රට පුරා මධ්‍යස්ථාන 77කදී අද (15) උදෑසන 8.00ට ඇරඹි ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය සවස 5.00 වන විට අවසන් විය. නිලවරණය සඳහා ඡන්ද පාවිච්චි කිරීමට නීතිඥවරු 14,000ක් සුදුසුකම් සපුරා සිටියහ.

නීතිඥ සංගමයේ ‍ලේකම්වරයා ලෙස නීතිඥ අමල් රන්දෙනිය නිතරගයෙන්  පත්වූ බව වාර්තා විය.

Leave a Reply