මාධ්‍යයේ අවශ්‍යතා අනුව ආණ්ඩු පෙරළීමට ඉඩ නොදෙන බවත්, මාධ්‍ය කෙතරම් කෑ ගැසුවත් මෙම ආණ්ඩුව අවුරුදු 5 ක් පවතින බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ගාල්ල, ඉදුරන්විල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමිනි. වත්මන් ආණ්ඩුව සිදු කරගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ බිඳ දැමීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බව ඔහු තවදුරටත් පැවසීය.
අතීතයේ දී ජේ.ආර්.ජයවර්ධන හයෙන් පහක බලයකින් ඡන්දය දිනූ පසු එජාපයට තනි ශක්තියක් තිබුණ නමුත් අද ආණ්ඩුව රැඳී ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකක ශක්තියකින් බව අගමැතිවරයා අවධාරණය කළේය. මෙහි විශාලතම ප්රශ්නය ඇත්තේ මාධ්‍යයට බවත්, එයට හේතුව වන්නේ එසේ එකතු වුවහොත් මාධ්‍ය වැටේයැයි ඔවුන් සිතන නිසා බවත් රනිල් වික්‍රමසිංහ පැවසීය.