නෑ කීවාට එ.ජා.ප. ජාතික ලැයිස්තුවෙත් පරාජිතයෙක්

UNP-Logo

එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් කියයි.

මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවාවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි. ඒ අනුව ප්‍රධාන පක්ෂ තුනම ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි. සිය පක්ෂය ජාතික ලැයිස්තුව භාවිතා කර ජනතාව ප්‍රතික්ෂේප කල අය පාර්ලිමේන්තු නොයවන බව එම පක්ෂය මීට පෙර පවසා තිබිණි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බවයි.

Leave a Reply