රුසියාවෙන් ආර්ටික් කලාපයට නව රේඩාර් මධ්‍යස්ථානයක්
Posted on 06.16.2017 by Madanayaka in විදෙස් පුවත් with 0 Comments
රුසියාව සිය රටට අයත් ආර්ටික් කලාපය ආසන්නයේ නවතම රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඇත.
මේ වන විට නෝර්වේ උතුරු මුහුදු ප්‍රදේශයේ එක්සත් ජනපද නාවික හමුදාවේ න්‍යෂ්ටික සබ්මැරීන් විශාල වශයෙන් සැර සැරීම හා මෙහෙයුම් ආරම්භ කර ඇත. එම තත්වය හේතුවෙන් රුසියාවේ විශේෂ අවධානය යොමු වූ කලාපයක් බවට පත්වී ඇති බවයි.
විදෙස් නාවික හමුදා විසින් සිදුකරනු ලබන මෙම නාවික ක්‍රියාකාරකම් සිය සමීප නිරීක්ෂණයට වහාම ලක්විය යුත් බවට රුසියානු ආරක්ෂක බලධාරීන් අවධාරණය කර ඇත. යුදමය අවස්ථාවකදී නෝර්වේ උතුරු මුහුදු කළාපයේ සිට මොස්කව් වෙත මිසයිල ප්‍රහාරයක් විනාඩි 15කින් ළගාවීමේ හැකියාව ඇති බව එහිදී හෙළිකර ඇත.
මෙම ක්‍රියාකාරී තත්වයන් මුහුදින්, ගුවනින් හා ගොඩබිමින් නිරීක්ෂණය කිරීමට තම රට මෙම නව රේඩාර් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ක්‍රියාකරන බව රුසියානු ෆෙඩරල් ආරක්ෂ කවුන්සලයේ සභාපතිවරයා පවසා ඇත.
Related News