කොරියානු විරැකියාව නැති කරන්න අයවැය ප්‍රමාණවත් නැහැ- නව ජනපති

දකුණු කොරියානු නව ජනාධිපති මූන් ජේ ඉන් එරට පාර්ලිමේන්තුවෙන් අතිරේක ප්‍රථිපාදන ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම කර ඇත්තේ විශේෂයෙන් එරට තරුණ ජනයා අතර විරැකියා ප්‍රතිශතය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති තත්වය හමුවේය.

නව රැකියා අවස්ථා එක් ලක්ෂ දස දහසක් ඇති කිරීමට නම් පසුගිය අනුමත අයවැය ලේඛනයට අමත්රව ඇමෙරිකන් ඩොලර්  බිලියන 10ක නව පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කළ යුතු බව ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුව හමුවේ පවසා ඇත.

දකුණු කොරියානු තරණ ජනයා අතර වයස 15-29 අතර මේ වන විට විරැකියාව 11.2% දක්වා ඉහඵ ගොස් ඇත මේ තත්වය හමුවේ එය ජාතික අපදා තත්වයක් බවට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පවසා ඇති මේ හේතුවෙන් මෙම අතිරේක ප්‍රතිපාදන වහාම සම්මත කළයුත් බව පෙන්වාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතතිවරයා මෙම අර්බූදය විසදීමට නම් පාර්ලිමේන්තුව විසින් නව පරිපූරක ඇස්තමේත්තුව අනුමත කළ යුතුය. පසුගිය සදුදා දින ජනාධිපතිවරයා විසින් මෙම තතත්වය පාර්ලිමේන්තුවේ අවධානයට ලක්කර ඇත.

දකුණු කොරියානු තරුණ ජනායා අතර විරැකියාව වැඩිවීමට එක් හේතුවක් වන්නේ එරට කාර්මාන්ත, ධීවර හා කෘෂි කර්මාන්ත යන සේවාවන් සදහා විශාල ලෙස අඩු වැටුපට විදෙස් ශ්‍රමකයින් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය හේතුවෙනි.

මන්ද දකුණු කොරියානු තරුණ ජනයා තම රටේ ප්‍රාග්ධන හිමියන් විසින් ලබදෛනු ලබන සොච්චම් මුදලට වැඩ කිරීමට එකගනොවීමේ ප්‍රවනතාවය හේතුවෙනි.

Leave a Reply