උසාවි තීන්දුවෙන් මුදල් අමාත්‍යාංශය වියවුලක

court

වැට් බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් මුදල් අමාත්‍යාංශය අවුල් සහගත තත්වයට පත්ව තිබේ.

මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ, පසුගිය කාලයේත් පළමුව වැට් බදු වැඩි කර පසුව පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත් අවස්ථා තිබෙන නමුත් අධිකරණ තීන්දුව අලූත් තත්වයක් බවයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මුදල් අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව තිබුණේ 13 වැනිදා වන අතර අද ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සලකා බැලෙනු ඇත. කෙසේ වෙතත් 17 වැනිදා හෝ 18 වැනිදා ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ගන්නා තීන්දුව 20 වැනිදා ප‍්‍රකාශයට පත් කරන බවද ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply