විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ඊයේ ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේත් ක‍්‍රියාත්මක වේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කරන ලද වර්ජනයට මෙතෙක් රජයේ කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බැවින් වර්ජනය අදත් ක‍්‍රියාත්මක කරන බව ඔවුහු පවසති.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජාතික සේවක සංගමය සමග කරන ලද සාකච්ඡාවකදී ඉල්ලීම්වලට අදාළ එකඟතාවලට පැමිණ ඇති බවයි. එම සාකච්ඡාවට තම සංගමයේ නියෝජිතයකු සහභාගි නොවූ බවත් එබැවින් එම එකඟතා තමන්ට පිළිගත නොහැකි බවත් වර්ජනයේ නියුතු විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
අද දිනයේදීත් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන 27 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කරන බවද එම සංගමය ප‍්‍රකාශ කරයි.