හවුල් ආණ්ඩු ගිවිසුම මෙන්න 

kabeer-duminda

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක අද (21) දින අත්සන් තැබු සම්මුතිවාදී ආණ්ඩුවක් සඳහාවන ගිවිසුම කරුණු 10කින් සමන්විත  වේ.

ආර්ථිකය දියුණුකිරීම,

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව කොමිෂන්සභා නොපමාව ස්ථාපනය කිරීම, දුෂණය තුරන්කිරීම,

අධ්‍යාපනය හා සෞඛ්‍ය ඉහළ නැංවීම,

විදේශ සබඳතා,

කාන්තා හා ළමා අයිතීන්,

කලාව හා සංස්කෘතිය පෝෂණය කිරීම,

ප්‍රධාන සංවර්ධන ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් අමාත්‍යමණ්ඩලය මහින් නිරීක්ෂණය කිරීම  සහ

මෙම කරුණු පිළිබඳ තවදුරටත් සාකච්ඡා කීරීම ගිවිසුමට ඇතුළත්ය.

මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකක කාලයකට වලංගුවන අතර, මෙම කාලය තුළ පක්ෂ දෙකෙහි ජනතා නියෝජිතයන්ට පක්ෂ මාරුකිරීමට ඉඩ ලබා නොදීමටද ගිවිසුම මගින් එකඟ වී තිබේ.

Leave a Reply