සම අයිතිය නිහඩ විරෝධතාව අදත් කොළඹ කොටුවේ

සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා සතියට අදාලව අද දින කොටුව අට්ටාලයේ සත්‍යග්‍රහයට දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති නියෝජිතයන් එක් වූහ.

මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුනාමලය වැනි නගරවල ජනතාව විසින් සිය පීඩාව සම්බන්ධයෙන් පළ කළ විරෝධයට සමගාමීව සම අයිතිය ව්‍යාපාරය විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කලේ මාර්තු 17 වැනිදාය.

අද දින මෙම සත්‍යග්‍රහයට එක් වූ නියෝජිතයන් අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් එස්.කේ. සෙන්දිවේල්, ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින්, එක්සත් වෘත්තිය සමිති සම්මේලනයේ සරණපාල ජයසූරිය, ස්වාධීන ලංකා ගුරු සංගමයේ සරත් කහගල්ල, එහිදී, දේශපාලන පක්ෂ මෙන්ම අධ්‍යාපන, සෞඛ්‍ය, වැවිලි, වරාය, රජයේ සේවා, පෞද්ගලික අංශය යනාදී වශයෙන් විවිධ වෘත්තික ක්ෂේත්‍ර නියෝජනය කරමින් නියෝජිතවරියන් හා නියෝජිතයන් විරෝධතාවේ නිරත වූ අවස්ථා මෙහි සටහන් වේ.

Leave a Reply