ශිෂ්‍ය මර්දනය දිගටම – අන්තරෙන් චෝදනා

Najith-Indika

පසුගිය 31 වැනිදා පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණයට පහරදීමට අමතරව ආණ්ඩුව පළිගැනීම් අරඹා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික පැවසුවේ එදින අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයන් පස් දෙනකුට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බවයි.

එදින පොලිසිය සිසුන් අට දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් නිදහස් කරන තුරු අනෙක් සිසුන් මහා මාර්ගයේ වාඩි වී සිටි නිසා සවස් යාමයේ දී ඔවුන් නිදහස් කෙරිණි.

නමුත් යළි ඔවුන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව පවසන නජිත් ඉන්දික දඬුවම් දිය යුත්තේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කරන සිසුන්ට නොව අධ්‍යාපන අයිතිය අහිමි කරන පාලකයන්ටත් ජනතා උද්ඝෝෂණවලට පහර දෙන පොලිසියටත් බව පැවසීය.

අදාළ සිසුන්ට අයුතු ජනරාශිය, රජයේ නිලධාරීන්ට බාධා කිරීම හා පොලිසියට පහරදීම යන චෝදනා එල්ල කොට තිබේ.

Leave a Reply