යුද අපරාධ සිදු වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී විනිසුරුවරුන් ලෙස විදේශිකයන් සහභාගි නොවන බව ඇමැති සරත් ෆොන්සේකා කියයි.
ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ විදේශීය විනිසුරුවරුන් සහභාගි කර ගැනීම සඳහා ලංකාවේ නීතිය අනුව හැකියාවක් නැති බවයි. පරීක්ෂණ සිදු කළ හැක්කේ දේශීය යාන්ත්‍රණයක් හා දේශීය විනිසුරුවරුන්ගෙන් බවද ඔහු පැවසුවේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි විදේශීය සංවිධානවල තිබෙන උනන්දුව නිසා විනිවිදභාවය පවත්වා ගැනීමත් නිවැරදි දේ සිදු වන බව ඔවුන්ට තහවුරු කර ගැනීම සඳහාත් විදේශීය නිරීක්ෂකයන් සහ උපදේශකයන් සහභාගි කර ගන්නා බවද ෆොන්සේකා මහතා පැවසීය. මීට පෙරද තාක්ෂණික උපදේශනය සඳහා විදේශිකයන් සම්බන්ධ කර ගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.