පසුගිය මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළද පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ හිටපු ඇමතිනී රෝසි සේනානායක තමාට ලැබී තිබෙන මනාප ජන්ද සංඛ්‍යාව සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවන නිසා සිය මනාප නැවත ගණන් කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. තමා මෙම ඉල්ලීම කිරීම පිළිබඳව පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර තිබෙන බව ඇය තව දුරටත් සඳහන් කළාය. ලයිස්තුවේ ඇයට ඉදිරියෙන් සිටින්නේ ඇයට වඩා මනාප හාර දහස් ගණනක් ලැබූ මනෝ ගනේෂන්ය. රෝසි සේනානායකට බි්රතාන්යයේ මහ කොමසාරිස් තනතුර බාර ගන්නැයි ආරාධනා ලැබී තිබුනත් මෙම තනතුර බාර ගැනීමට තමන් තුල කැමැත්තක් නැතැයි ඇය කියා ඇති බවද මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.