ප‍්‍රාන්ත දෙකක ඡන්ද යළි ගණන් කිරීමෙන් ට‍්‍රම්ප්ගේ ජය තහවුරුවේ.

පෙන්සිල්වේනියා හා විස්කොන්සින් ප‍්‍රාන්තවල ඡුන්දය නැවත ගණන් කිරීමෙන් පසුව ඩොනල්ඩ් ට‍්‍රම්ප් ජයගත් බව තහවුරු වේ.

පසුගිය නොවැම්බර් මස 08 වැනිදින පැවැති එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට‍්‍රරම්ප් ජයගත් නමුත් එම ජයග‍්‍රහණය පිළිබදව රට තුල විවිධ මත පළවිය.

මේ හේතුවෙන් එම ජණාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි හරති පක්ෂයේ ජනාධිපති අපේෂිකාව වන ජිල් ස්ටෙයින් විසින් පෙන්සෙල්වේනියා හා විස්කොනිස්කි යන ප‍්‍රාන්තවල ඡුන්දය නැවත ගණන්කරන ලෙස ඉල්ලා එම ප‍්‍රාන්තවල මැතිවරණ කොමිසම් හමුවට පෙත්සම් ඉදිරිපත් කර තිබුනි.

මේ හේතුවෙන් එම ප‍්‍රාන්තවල මැතිවරණ කොමිසම් විසින් ඡන්ද නැවත ගණන් කිරීමට තීරණය කළහ. මේ වන විට එම නැවත ගණන් කිරීම්වලින් පසුව වාර්තා වන්නේ ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණයෙ තහවුරු වූ බවයි. ඊයේ එම ප‍්‍රාන්තවල මැතිවරණ කොමිසම් විසින් ‍ෙන්දය නැවත ගණන් කිරීමේ ප‍්‍රතිපල නිවේදනය කර තිබේ.

Save

Leave a Reply