‘දුම්බර පෙතියන්‘ අල්ලමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට!

2016.07.15 dumbara pethiya

නකල්ස් රක්ෂිතයට පමණක් ආවේනික  ‘දුම්බර පෙතියන්‘ බිලි කොකු වලින් අල්ලමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ස්‍යයන් බිලි බාමින් සිටි සැකකරුවන් පරික්ෂා කිරීමේදී ඔවුන් Puntius martenstyni නම් වදවෙමින් යන මසුන් මරමින් සිටි නිසා අත් අඩංගුවට ගත් බව නකල්ස්  සංරක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීහු පවසති. ‘දුම්බර වන නිවහන‘ අසලින් ගලා බසින ඉල්ලකුඹුර තෙලිගමුව ඔයේ අල්ලමින් සිටි මෙම මත්ස්‍ය විශෙෂය ලෝකයෙන්ම නකලස් රක්ෂිතයේ පමණක් ජිවත්වන නිසා රතු දත්ත පොතට ඇතුළත්ය

මෙම මත්ස්‍යයන් වනජිවි හා තුරුලතා ආඥා සංශෝධිත පනත සහ ධිවර හා ජලජ සම්පත් පනත යටතේද දැඩිව සුරැකියයුතු මත්ස්‍යයකු බවට ප්‍රකාශිතය.

Leave a Reply