තව ඇමතිවරු එනවා 

more

පසුගිය සැප්තැම්බර් 3වැනිදා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය හිමිව තිබුණේ කැබිනට් අමාත්‍ය ධුර 48ක් සහ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පත්කිරීමටය.

ඒ අනුව අගෝස්තු 24වැනිදා ඇමතිවරු තුන්දෙනෙක් සහ පසුගිය සිකුරාදා අමාත්‍යවරුන් හතළිස් දෙදෙනකු දිවුරුම් දුන් අතර, මීට පෙර දිවුරුම් දුන් විදේශ අමාත්‍ය මංගල සමරවීරත්  දිවුරුම් දුන්නා.

09වැනිදා මලික් සමරවික්‍රම, විජිත් විජිතමුණි සොයිසා සහ ෆයිසර් මුස්තාෆා කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබීය.

ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 46කි.

ජනාධිපතිවරයාගේ අමාත්‍ය ධුරය සලකා නොබලන්නේ නම් තවත් අමාත්‍යවරුන් දෙදෙනකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

තවත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් පස් දෙනෙකුද ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.

Leave a Reply