හැම්බර්ග් නගරය වෙත පැමිණි සිටින ඇමෙරිකානු ජනාධිපති බිරිය වන මෙලනියා ට්‍රම්ප් සිටින ස්ථානය ආසන්නයේ දැඩි විරෝධතා උද්ඝෝෂණ මතුව ඇති හේතුවෙන් ඇයට එම ස්ථානයෙන් පිටවීමට නොහැකි තත්වයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජී 20 රාජ්‍ය නායකයින් සමග ජර්මනිය වෙත පැමිණ සිටින එම නායකයිගේ භාර්යාවන් සියලු දෙනා සමග එක්ව පැවැත්වෙන හමුවට එක්වීමට පවා ඇයට මේ තත්වය හේතුවෙන් නෙහැකිවූ බව වාර්තාවේ.
ඇය සිටින ස්ථානයෙන් පිටවි යාමට තරම් නිසි ආරක්ෂක තත්වයක් නොමැති බව ඇයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පවසා ඇතැයි වාර්වේ. මීට දින කිහිපයක සිට ජී 20 සමුළුවට විරෝධය පා හැම්බර්ග් නගරය අවට පවා උද්ඝෝෂණ විරෝධතා ආරම්භවී තිබුනි
ඊයේ වන විට මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතා ප්‍රබල තත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර. හැම්බර්ග් නගරය අවට ප්‍රදේශ පුරා දැවැන්ත විරෝධතා පවතින බව වාර්තාවේ.