ලංකාවේ මත්ස්‍ය අපනයනයන්ට නැවත ‘ජී.එස්.පී. ප්ලස්‘ සහන ලබාදීම සඳහා අවශ්‍ය කරුණු සොයා බැලීමට යුරෝපා පාර්ලිමේන්තු නියෝජිතයන් සිවුදෙනකු පැමිණෙන බව වාර්තා විය.
අද(31) ලංකාවට පැමිණෙන මෙම යුරෝපා නියෝජිත කණ්ඩායම ත්‍රිකුණාමලය, මඩකළපුව යන ප්‍රදේශවල සංචාරය කිරීමටද ජී.එස්.පී සහනයට අදාළව, මෙරට ජාතික සංහිඳියාව සහ මෙරට කාන්තාවගේ දේශපාලනික, ආර්ථික දියුණුව පිළිබඳව සොයා බැලීමට ද සැලසුම් කර ඇත. යුරෝපා පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ ප්‍රධානී ජීන් ලැම්බට් ප්‍රධානත්වය දරණ මෙම යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ලබන මස තුන්වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.