ට‍්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව ප‍්‍රථමවරට රුසියානු ජනාධිපතිවරයා හමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජනවාරි මස ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොලන්ඩ් ට‍්‍රම්ප් දිවුරුම්දීමෙන් පසුව රුසියානු ජනාධිපති හමුවූයේ ථමවරටය.
මන්ද රුසියානු ජනාධිපතිවරයාගේ යම් මැදිහත්වීමක් මත ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී සිදු කළ බවට චෝදනා එල්ල වන්නට විය. විශේෂයෙන් මෙම චෝදනා එල්ලවන්නට වූයේ ඇමරිකානු රිපබ්ලිකන් පාක්ෂිකයිගෙනි. පසුව මේ පිළිබදව එරට කොංග‍්‍රසය විසින්ද විමර්ශනයක් කර ඇත. අද දින ජර්මනියේ ජී 20 සමුළුව සදහා සහභාගීවීම සදහා ජර්මනියට මෙම නායකයින් දෙදෙනා පැමිණ සිටියහ.
මෙම ජනාධිපතිවරුන් දෙදෙනාගේ හමුව සදහා කලින් සැලසුම් කර තිබුනේ විනාඩි 40ක පමණ කාලයකි. නමුත් දෙදෙනො අතර වූ සාකච්ඡාව සදහා පැය දෙකක් පමණ ගතවූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරු දෙදෙනාට අමතරව රුසියානු විදෙස් කටයුතු ඇමැති සර්ජි ලෙනරොව් හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ද සහභාගීවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජී 20 සමුළුව ජර්මනියේ හැම්බර්ග් නගරයේ ඊයේත් අදත් පැවැත් වෙන අතර ලොව ප‍්‍රධාන කාර්මික රටවල් 20 සේ නායකයින් අතර ඉදිරි වැඩ කටයුතු කෙසේ විය යුතුද යන්න පිළිබදව මුලිකව සාකච්ඡා කරනු ඇතැයි වාර්තාවේ.