ගූගල් සමාගම සමග කියුබානු ටෙලිකොම් සමාගම ගිවිසුම්ගත වේ.

කියුබාව තුල අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් ජනපදයේ අනතර්ජාල දැවන්තයා වන ගූගල් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර ඇත.

ඔබාමා පරිපාලනයේ අවසන් දෙසතිය තුළ මෙම අවසන් එගකතාවයට අත්සන් තැඹීමට දෙපාර්ශවය සමත්ව ඇත.

කියුබාව තුල පැවැති සීමිත අන්තර්ජාල පහසුකම් මේ අනුව ඉදිරියේදී කියුබානු ජනතාවට සිය ගූගල් සේවාව සමග යු ටියුබ් හා ජීමේල් සම්බන්ධතාවයේ වේගවත් සම්බන්තාවයට ඉඩ සැලසේ.

වසර ගණනාවක සිට කියුබාවට එරෙහි පවත්වාගනෙ යනු ලබන ආර්ථික සම්බාධක හේතුවෙන් එක්සත් ජනපදයේ සමාගම්වලට කියුබාව තුළ සිය ව්‍යාපාර ආරම්භ කිරීමට තහනම් කර තිබුනි.

නමුත්  මෙයට වසරකට පමණ පෙර සිට ඹබාමා පරිපාලනය සමග කියුබාව යම්මට්ටමක ද්විපාර්ශවීය සම්බන්ධතා ආරම්භ කිරීමත් සමග එරට සමග කටයුතු කිරීමට එක්සත් ජනපද සමාගම්වලට යම් ඉඩක් සැලසිනි.

Save

Save

Save

Save

Leave a Reply