ලංකාවේ ගුවන් හමුදාවට ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත රුසියාවේ හිටපු ලංකා තානාපති උදයංග වීරතුංග සොයාගත නොහැකි නිසා ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ගුවන් යනා මිලදී ගැනීමේදී සිදුව ඇති වංචා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උදයංග විරතුංගට නොතීසි නිකුත් කර තිබුණත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ඉල්ලීම සිදුකර ඇත. ඒ අනුව අදාළ නියෝගය සම්බන්ධ තීරණය ලබන 18 වනදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය තීන්දු කර තිබේ.

