මේ අතර ලංකාවේ ප්‍රථම වරට දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකුගේ විෂයන් වෙනස්වී තිබේ. ඒ අරුන්දික ප්‍රනාන්දු සහ නිමල් ලාන්සා යන නියෝජ්‍ය ඇමතිවරුන්ගේය.
අරුන්දික ප්‍රනාන්දු පළමුව දිවුරුම් දෙනු ලැබුවේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය.පසුව ඔහු සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා විය.
නිමල් ලාන්සා සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පළමුව දිවුරුම් දෙනු ලැබුවද, විෂයන් මාරුවීමෙන් අනතුරුව ඔහුට හිමිවූයේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි.
මේ ආකාරයට දිව්රුම් දීමේදී සිය ඇමතිධුර මාරුකර ගැනීමක් වාර්තා වන්නේ ලංකාවේ ප්‍රථම වරටය.