ආජන්ටිනාව පරදා බ්‍රසීලය ජයගනී

neymarweb

2018 ලෝක පාපන්දු කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ ඊයේ පැවැති තරගයේදී ආජෙන්ටිනා කණ්ඩායම පරදා බ්‍රසීල කණ්ඩායම ‍ගෝල 3-0ක් ලෙස ජයගෙන ඇතැයි වාර්තාවේ.

එම තරගයේදී බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් පිලිපේ කොන්ටින්හෝ, නේමර් හා පවුලින්හෝ ගෝල එක බැගින් ලබා ගැනීමට සමත්ව ඇත.

දකුණු ඇමෙරිකානු කණ්ඩායම් 10 අතර පැවැති සුදුසුකම් ලැබීමේ තරගවලින් මේ වනවිට බ්‍රසීල කණ්ඩායම එහි පෙරමුණගෙන සිටී.

ඊයේ පැවැති තරගයෙන් ආජන්ටිනාව පරාජයවීම හේතුවෙන් එම කාණ්ඩයේ සයවන ස්ථානය දක්වා පසුබැස ඇ.

දකුණු ඇමෙරිකානු කණ්ඩායම් 10 අතරින් කණ්ඩායම් 04ක් පමණයි 2018 වසරේ ලෝක පාපන්දු කුසලානය සදහා සූදුසුකම් ලබන්නේ.

Leave a Reply