අය වැය දවසට පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

AXH5TM Parliament of Sri Lanka, Columbo. Architect: Geoffrey Bawa

2017 වසරට මුලු රාජ්‍ය වියදම උපයා ගන්නා ආකාරය සහ එයින් අය වැය පරතරය පියවා ගන්නා ආකාරය දැක්වෙන අයවැය යෝජනා නොවැම්බර් 10දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපේක්ෂා කෙරෙන ආකාරයට 2017දී රාජ්‍ය වියදමේ සමස්ත එකතුව රු. කෝටි එක්ලක්ෂ අසූදහස් නවසියයක් වනු ඇත. මේ අතර අය වැය ඉදිරිපත් කරන දිනයේ විශේෂ ආරක්ෂක සැලැස්මක් හා ප්‍රවාහන සැලැස්මක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. නොවැම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුව ඇතුළත හා පිටත අවට භූමිය සහ  මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇතුළු සියලු ස්ථාන පරීක්ෂා කරන බවත්, නොවැම්බර් 10දා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය කථානායකවරයා දැනුම් දුන්නේය.

Leave a Reply