යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ඝාතන පිලිබද සාධාරණය ඉටුකර ලෙස බලකරමින් එම සරසවි ශිෂ්‍යයෝ අද(31) සරසවි දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.
මේ හේතුව නිසා විශ්වවිද්‍යාල කටයුතු සදහා පැමිනි ආචාර්යවරු සහ අනධ්‍යයන සේවක පිරිස ගේට්ටුව පිටත රැදී සිටින බවට වාර්තා විය. ශිෂ්‍ය ඝාතනය පිලිබද විරෝධය පළකරන පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු මේ විරෝධතාව ප්‍රකාශ කරමින් සිටින බව වාර්තා වේ.


