කැළණිතිස්ස බලාගාර සේවකයකු වෙඩි වැදී මියගිහින්

dead-body

කැලණිතිස්ස විදුලිබලාගාරයේ යාන්ත්‍රික වෑද්දුම්කරුවෙකු ලෙස කටයුතු කර ඇති වාද්දුව, වලගම පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් වාද්දුව දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ තිබී හමුවී ඇත.

දුම්රියපොළ පදිකවේදිකාවේ වැටී සිටින බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළද,සිදුකළ මූලිව විමර්ශවලදී අනාවරණය වී ඇත්තේ මොහුට වෙඩිවැදී ඇති බව යයි පොලීසිය කියා සිටියි. ඊයේ (31)අලුයම 5.30ට පමණ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් පොලීසියට කරන ලද දැනුම්දීමක් අනුව කම්කරුවාගේ පුත්‍රයා විසින් මෙම මළ සිරුර හදුනාගෙන තිබේ. එදින අලුයම පියා රැකියා ස්ථානයට යාමට නිවෙසින් පැමිණි බව පුතු විසින් පොලීසියට ප්‍රකාශ කර ඇත.

Leave a Reply