ලංකාවේ අලුත් රජයේ කිසිම වෙනසක් නෑ – කරුණානිධි

karunanidhi

පසුගිය ජනාධිපතිවරණයේ දී උතුරේ දෙමළ ජනතාව බහුතරයක් වත්මන් ජනාධිපතිවරයාට සිය ඡන්දය භාවිත කළද ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල පැවති තත්ත්වයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි ඉන්දීය ඩි.එම්.කේ.පක්ෂ නායක එම්. කරුණානිධි පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් කරුණානිධි මේ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාවේ ඔක්ලන්ඩ් ආයතනය විසින් පසුගියදා නිකුත් කරන ලද වාර්තාවක් පදනම් කරගනිමිනි.

පසුගිය ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව වත්මන් ජනාධිපතිවරයාට ඡන්දය ලබාදීම හරහා බලාපොරොත්තු වුයේ උතුරේ පවතින මිලිටරි පාලනය ඉවත් කිරීම වුවත් මේ වනතෙක් එම අපේක්ෂාවන් ඉටුකිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව එම්. කරුණානිධි සිය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply