தமிழ்
English
Contact
Tuesday 24th October 2017
Toggle navigation
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
කොළොන්නාව උද්ඝෝෂණයට එල්ලකළ පොලිස් ප්‍රහාරයෙන් අයෙක් රොහලේ
Posted on 05.25.2015 by Sampath in
වීඩියෝ පුවත්
with 0 Comments
කොලොන්නාව කුණු කන්ද ඉවත්කරන ලෙස හා එම ප්‍රදේශයට කුණු බැහැරකරන ලෙස ඉල්ලමින් ඊයේ (24) දින කොළොන්නාව පොතුවිල්කුඹුර ප්‍රදේශවාසින් විසින් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ උද්ඝෝෂණයක නිරත විය.
මෙම උද්ඝෝෂණය විසුරවා හැරීමට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කළ අතර එහිදී එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙලෙස රෝහල්ගත කළේ කොලොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ලේකම් නීතීඥ නුවන් බෝපගේ ය.
කොළොන්නාව ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැරකිරීමෙන් සෑදී ඇති අපද්‍රව්‍ය කන්දේ ඇති අපද්‍රව්‍ය පවතින වර්ශාව නිසා වතුර සමග මිශ්‍රව ගෙවල් අසලට පැමැනෙන නිසා එම ප්‍රදේශයේ ජීවත්වීමට අපහසු තත්වයක් උද්ගතව තිබේ.
මෙම අපදුව්‍ය බැහරකකරන ස්ථානයට දිනකට අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 700කට අධික ප්‍රමාණයක් බැහැරකරන අතර මෙය අක්කර 16ක බූමි භාගයක පැතිරී තිබේ.
Please enable JavaScript to view the
comments powered by Disqus.
Related News