ගාල්ල, පියදිගම ප්‍රදේශයේ බස් හිමියෙකුගේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ගාල්ල – කොළඹ පෞද්ගලික බස් රථයක් ගිනි ගෙන විනාශ වී තිබේ.
අද අලුයම 12.45 ට පමණ බස් රථය ගිනි ගෙන ඇති අතර ගාල්ල ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණෙන විට බස් රථය ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තාවෙයි.
අදාළ ස්ථානයේ තවත් බස් රථ දෙකක් තිබී ඇති අතර එම බස්රථ වලට කිසිදු හානියක් සිදුවී නොමැත.
බස් රථය ගිනි ගත්තාද එසේත් නොමැතිනම් ගිනි තිබ්බාද යන්න වග ගාල්ල පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරයි.

මේ අතර පසුගිය 23 දින කොළඹ සිට මාතර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් ගාල්ල සමුද්‍ර මාවත ප්‍රදේශයේදී ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී තිබුණි.
