පසුගිය ආණ්ඩුවේ ප්‍රභලයින් පිරිසක් එජාපයෙන් තරඟ කරයි?

unp-upfa

පසුගිය ආණ්ඩුවේ ප්‍රභල අමාත්‍යධූර දැරූ පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට අවසත්ථාව ලබාදෙන මෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

වාර්තා වන පරිදි මෙම පිරිසට පසුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු, අමාත්‍යවරුන් හතර දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ඇතුළත් වේ.

මෙලෙස ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබාදීමට ඉල්ලූ පසුගිය රජයේ ප්‍රභළ අමාත්‍යවරයෙකු වූ කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලීම මේ වන විටත් ප්‍රතික්ෂේප කළ බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙලෙස පසුගිය ආණ්ඩුවේ ප්‍රභලයින් ඉදිරි මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවැදීමට ඉල්ලා ඇත්තේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හටගෙන තිබෙන අර්බුදය නිසා බවද වාර්තා වේ.

Leave a Reply