රුසියානු රජය විසින් යුරෝපා සංගමයට අයත් ප‍්‍රධානීන්ගේ නම් ඇතුලත් (black list) ලේඛනයක් සකස්කර ඇතැයි වාර්තාවේ.
යුරෝපා සංගමයේ මහලේකම් ඇතුලු එම සංගමයට අයත් දේශපාලකයන් ආරක්ෂක හමුදාවල සාමාජිකයින් හා පොලිස් ප‍්‍රධානීන් හා විවිධ උසස් නිල තල දරන පුද්ගලයන් හා ඔත්තුසේවා ප‍්‍රධානීන් 89 දෙනෙකුට තහංචි පැනවීඹට කටයුතු යොදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ පිළිබදව රුසියාව විසින් මේ දක්වා නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශ කර නැතත්, ජර්මනිය විසින් මෙම තොරතුරු එළිහෙලිකර ගෙන ඇතැයි වාර්තාකරයි.
එම වාර්තාවලට අනුව රුසියානු රජයේ අපේක්ෂාව වන්නේ තම රටට එරෙහිව යුරෝපා සංගමය විසින් පවත්වාගෙන යනු ලබන සම්බාධකවලට පිළිතුරක් ලෙස එම අසාදු ලේඛනය සකස් කරන්නට ඇති බවයි.
එම අසාදු ලේඛනයේ නම් ඇති පුද්ගලයන්ට රුසියානු දේශ සීමා හරහා ගමන් කිරීමටත් රුසියානු ගුවන් කලාපයට අයත් ප‍්‍රදේශවලට පැමිණීමට නොහැකිවනු ඇත. මේ හේතුවෙන් යුරෝපා සංගමයේ තදබල විරෝධය පළවී ඇත.