100 යේ ශිෂ්‍ය මර්දනය මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානය එක්ව සකස් කළ වාර්තාවක් හෙට (01) දින එළිදැක්වීම නියමිත බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම බලමණ්ඩලය පවසන්නේ මෙම එළිදැක්වීම හෙට සවස 3ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර (CSR) ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවත් මීට සමගාමීව සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමට ද තීරණය කර ඇති බවත්ය.
අදාලා නිවේදනයේ සදහන් වන්නේ ජනවාරි 8 වැනි දා සිට අද (31) දින දක්වාම ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව උග‍්‍ර රාජ්‍ය මර්දනයක් ක‍්‍රියාත්මක වෙමින් පැවති බවත් පසුගිය මාස කිහිපය තුල සිදු වූ සියලූ සිදුවීම් දෙස සාවධානව බැලීමෙන් මෙම උග‍්‍ර රාජ්‍ය මර්දනය ශිෂ්‍ය ව්‍යාපාරය පමණක් ඉලක්ක කර ගත්තක් නොවන බව පැහැදිලි වන බවත්ය.
තවද ජීවිතය ඉල්ලා සටන් කල යාපනේ ජනතාවට, මීතොටමුල්ල ජනතාවට, පැල්වෙහෙර ගොවීන්ට ආදී බොහෝ සංවිධාන ගත වු බලවේගවලට එරෙහිව යහපාලන ආණඩුව දැඩි මර්දනකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ලැබූ බවත් ගත වූ දින සියයක පමණ කාලය තුළ ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කරගෙන සිදු වු සියලු මර්දනකාරී අවස්ථා එක් කොට මෙම වාර්තාව සකස්කර තිබෙන බවත් අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.