ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලයේ ආරක්ෂක ලේකම් රාජකාරිය කරමින් පුද්ගල පැහැරගැනීම් හා ඝාතනවලට සම්බන්ධ බවටත් ඒවාට අනුබල දුන් බවටත් අපරාධ චෝදනා නැගිය හැකිව තිබියදී ආණ්ඩුව කිසිවක් නොකර ඔහු ආරක්ෂා කරන බව නීතිඥවරු පවසති.
පාර්ලිමේන්තු මන්ත්රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේ රජයේ සාක්ෂිකරු ලෙස පෙනී සිටි පළමුවැනි විත්තිකරු කළ ප්රකාශයකින් එම ඝාතනය ආරක්ෂක බුද්දි අංශ සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණ වී ඇත. මේ අනුව, රාජපක්ෂ පාලන සමයේ සිදුව ඇති පැහැරගැනීම්, අතුරුදන්කිරීම් හා ඝාතනවලට ආරක්ෂක බුද්ධි අංශ සම්බන්ධ බවත් ඒවා ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරින් විසින් දැන සිටි ඒවා බවත් හෙළිදරව් වෙමින් තිබේ. එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් සිදුකර ඇති ඇතැම් ප්රකාශ අනුව, එවකට සිදුවු පැහැරගැනීම් ඇත්ත වශයෙන්ම ඔහුගේ අනුදැනුම ඇතිව සිදු කල නීතිවිරෝධී කටයුතුය.
රවිරාජ් ඝාතන සිද්ධිය අවස්ථාවේ ඝාතකයා යතුරු පැදියක නංවාගෙන එම ස්ථානයෙන් පළාගිය තැනැත්තා තමන් බවත් මොරිස් නමික් හදුන්වන්නේ තමන් බවත් ඔහු අධිකරණයට හෙළිකර තිබේ. අනාවරණ වී ඇති ආකාරයට සිද්ධියට අදාල රජයේ සාක්ෂිකරු ලෙස මෙම ප්රකාශය කරන තැනැත්තා පසුගිය රජය සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ රියදුරකු ලෙස කටයුතු කර ඇත. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනා අතරින් තිදෙනකු නාවික හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් වන අතර දෙදනකු කරුණා පාර්ශවයේ සාමාජිකයින් බව හෙළිව ඇත. වෙඩි තැබීමට භාවිතා කළ ගිනි අවිය යුද හමුදාවට අයත් ගිනි අවියක් වන බවත් එය නිකුත් කර ඇත්තේ ගිරිතලේ යුධ හමුදා කදවුරෙන් බවද මෙහිදී හෙළිව තිබේ.
එසේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම් කිරිබත්ගොඩදී පැහැරගැනීම තම අනුදැනුම මත සිදුවූ බවට ගෝඨාභය රාජපක්ෂ කල ප්රකාහය සම්බන්ධව ඔහුගෙන් ප්රශ්න කර යුක්තිය ඉටු කරන ලෙස එම පක්ෂය පොලිස්පතිවරයාට කළ පැමිනිල්ලද යටගසනු ලැබ තිබේ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව පැහැදිලි චෝදනා තිබියදී සහ ඔහු යටතේ සිටි නිලධාරින් අපරාධවලට සම්බන්ධ වූ බවට සාධක තිබියදී වත්මන් ආන්ඩුව ඔහු පිළිබද කිසිදු විධිමත් නීති ක්රියාමාර්ගයක් ගෙන නැත.
ලලිත් හා කුගන් යන දේශපාලන ක්රියාකාරින් අතුරුදන් කිරීමට ආරක්ෂක අමාත්යංශය අනුදැනුම ඇතිව බවට හිටපු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල කළ ප්රකාශය අනුවද ගෝඨාභය රාජපක්ෂ ඒ අතුරුදන්වීමට වගකිවයුතු බව තහවුරු වේ.