தமிழ்
English
Contact
Wednesday 4th April 2018    
සයිටම් විරෝධී සත්‍යග්‍රහයට දින 300 යි - පේරාදෙණි සිසුන් අඛන්ඩව සටනේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සයිටම් විරෝධී සත්‍යග්‍රහයට දින 300 යි – පේරාදෙණි සිසුන් අඛන්ඩව සටනේ



මාලඹේ සයිටම්, පෞද්ගලික උපාධි ආයතනයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 300ක් පිරීම නිමිත්තෙන් එම පීඨයේ සිසුන් අද (28) පේරාදෙණිය ගලහ හන්දිය අසල විරෝධතාවක නිරතවූහ.

පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් තිලාන් චතුරංග ප්‍රකාශ කළේ දින 300කට ඉහතදී තම පීඨය මගින් ද මෙවැනි අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ආණ්ඩුව විසින් නීතිවිරෝධී ‘සයිටම්‘ ආයතනය නීතිගත කිරීමට කටයුතු කිරිමට එරෙහිවය. මෙවර අයවැයෙන්ද නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන මෙම ආණ්ඩුව රටේ සම්පත් රැසක් පුද්ගලික අංශයට අලෙවි කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව මෙරට උසස් අධ්‍යාපනය අලෙවි කිරීමටත් රජය කටයුතු යොදා ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා ජනමාධය අමතමින් කීවේය.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිළිබද පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කොට ඒ තුළින් දිවයින පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් ආරම්භ කිරීමට ද ඔවුන් සැලසුම් කරන බව ඔහු කියා සිටියේය. පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි ආරම්භය වන මාළඹේ සයිටම් පෞද්ගලික උපාධි ආයතනය ජනසතු නොකරන්නේ නම් දැනට සිදුකරන විරෝධතා තව දුරටත් උත්සන්න කරමින් දිවයිනේ සියලු ශිෂ්‍ය ප්‍රජාව, මවුපියන් ඇතුලු පීඩිත ජනතාව ඒකරාශී කොට දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් තිලාන් චතුරංග ප්‍රකාශ කළේය.

පේරාදෙණිය, ගහල මංසන්ධිය අසල පැයක පමණ කාලයක් පැවැති සාමකාමී විරෝධතාව සදහා වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් සහභාගී ව සිටියහ. මාළඹේ පෞද්ගලික වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා මේ දක්වා දිවයිනේ විශ්ව විද්‍යාල රැසක සහ මව්පියන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාෙද්ශීය ගම් හා නගර විශාල සංඛ්‍යාවක විරෝධතා ව්‍යාපාර රැසක් පවත්වා තිබේ.

sitam-pera1




Related News