උතුරු කොරියාව, ෆිදෙල් වෙනුවෙන් දින තුනක ශෝක කාලයක් නම් කරයි

%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-web

උතුරු කොරියාව ෆිදෙල් කස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් එරට තෙදින නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

එරට ජනාධිපති කිම් ජෝන් අන් විසින් නිකුත් කරන ලද නිවේදනය අනුව උතුරුකොරියාව විසින් නොවැම්බර් මස 28 දින සිට 30 දින දක්වා තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

කියුබානු විප්ලවයෙන් පසුව දෙරට අතර පැවැති සහෝදරාත්මක බැදීම හා තම සමීප මිතුරා හා සහෝදර සගයා වෙනුවෙන් සිය රටවැසියන් සමග තම සංවේගය පළකිරීමට මෙම තෙදින ශෝක කාලය වෙන්කරන බව ප්‍රකාශ කර ඇත.

1960 වසරේ සිට දෙරට අතර ද්විපාර්ශවීය තානාපති සම්බන්ධතා ආරම්භ කර තිබූ අතර මේ දක්වා එය අඛණ්ඩව පවත්වාගෙන යයි.

Leave a Reply