ගායන ශිල්පී රෝයි පීරිස් සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී  රෝයි පීරිස් අද (21) අලුයම  අභාවප්‍රාප්ත විය. ලංකාවෙන් විදේශගතවන ශ්‍රමික කාන්තාවන් පිළිබද ගැයූ මුල්ම ගීතයක් වන ‘අම්මේ යන්ට එපා දුරු රටකට’ ගීත සාහිත්‍යට එකතු කලේ ඔහුය. ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගායන කණ්ඩායමේ සාමාජිකයකු වූ ඔහු ‘මා දැසේ වේදනා ඔය දෑසේ පෙම් සිනා‘ ගීතය ඇතුළු ගීත රැසක් ගයමින්  රසික හදවත්  දිනාගත්තෙකි.  ගායන ශිල්පී  රෝයි පීරිස් මියයනවිට 54 වියේ පසුවු දෙදරු පියෙකි. පුත්තලම ශාන්ත ඇන්ඩෘ  මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රෝයි පිරිස් ඇත්ගාලේ හා ඒත්තුකාල විද්‍යාලවල සංගීත ගුරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.