‘ඉරුදින‘ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ විමලනාත් වීරරත්න සේවයෙන් ඉවත් කළ බවට දන්වමින් ලිපියක් ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
එම පුවත්පත ප‍්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් පෙබරවාරි 27 දින නිකුත් කර ඇති ලිපියකට අනුව පසුදින සිට එනම් 28 දින සිට විමලනාත් වීරරත්නගේ සේවය අවසන් කර ඇත. කිසිදු පූර්ව දැනුම්දීමක් නොකොට හදිසියේ මෙසේ රැකියාවෙන් ඉවත් කිරීම නීතිවිරෝධී මෙන් ම අයුක්ති සහගත ද වේ. මේ වනවිටත් ලීඩර් ආයතනයේ සේවකයන්ට හිමි විය යුතු ජනවාරි මාසයේ වැටුප පවා සම්පූර්ණයෙන් ලබා දී නැත. ඔවුන්ට මේ දක්වා සේවය කළ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් හෝ සේවක භාරකාර අරමුදල් කොටස් ගෙවා නැත. මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍යවේදී විමලනාත් වීරරත්න ඉවත්කර ඇත්තේ මාර්තු මාසයේ වැටුප පමණක් ගෙවීමේ පොරොන්දුව පිට මෙසේ සේවකයකු ඉවත් කිරීම තරයේ හෙළා දැකිය යුතුය.
මේ නිසා අදාළ නීතිවිරෝධී සහ අයුක්ති සහගත ලිපිය වහාම ඉවත් කර ගන්නා ලෙසත්, සේවක මර්දනය වහාම නවත්වන ලෙසත් බල කරමින් සහ එම පියවර ගන්නා තුරු පුවත්පතේ රාජකාරි වලින් ඉවත් වන බව සඳහන් කරමින් ‘ඉරුදින’ කර්තෘ මණ්ඩලය ආයතනයේ කළමනාකාරිත්වයට ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ‘ඉරුදින සේවක එකමුතුව‘ පවසයි.
Save
Save