ආණ්ඩුවේ පිළිවෙත් ප්‍රශ්ණ කරන ජනමාධ්‍ය ක්‍රියාවලියක නිරත වූ නිසා ලීඩර් හෝල්ඩින් ආයතන පාලකයන් තමන්ට ඉවත්වන ලෙස දැනුම් දුන් බව ඉරුදින කර්තෘ ජ්‍යෝෂ්ඨ පුවත්පත්කලාවේදී විමලනාත් වීරරත්න පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉරුදින කර්තෘවරයා සේවයෙන් නරපා හැරීමට සහ තවත් කර්තෘ මාණ්ඩලිකයන් 6 දෙනකු ආයතනයට ඇතුළුවීම වැලැකීමට ලීඩර් ආයතනය කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනමාධය සංවිධාන අද (03) කොළඹ පැවති ජනමාධ්‍ය හමුවේදීය.
තමන්ව පුවත්පතෙන් ඉවත් කිරීමට ලීඩර් හෝල්ඩින්ස් පාලනාධිකාරිය ගෙන ඇති තීරණය පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නොව, මෙරට ක්‍රියාත්මකවන ජනමාධ්‍ය නිදහස, ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ප්‍රශ්නයක් බවද ඉරුදින කර්තෘවරයා අවධාරනය කළේය. පරිපාලනය විසින් තම මාධ්‍යකරණය උසස් ගනයේ පවතින බව පිළිගන්නා බව පැවසූ නමුත් ඒ ආකාරයෙන් ආයතනයේ කටයුතු කිරීම අපේකෂා නොකරන බව තමන්ට වාචිකව දැනුම්දුන් බවද ජනමාධය හමුව අමතමින් විමලනාත් වීරරත්න සදහන් කළේය. යහපාලනය ඇතිකිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් හවුල් ආණ්ඩුවට තමන් සහයෝගය දුන් බවත් එසේම ආණ්ඩුවේ සිදුවන ඇතැම් වැරදි ක්‍රියා විවේචනයට බඳුන් කළ බවත් ඔහු කියා සිටියේය. නමුත් ආයතනයේ පරිපාලනයට අවශ්‍යව තිබුණේ ආණ්ඩුවේ වැරදි වසාගෙන යහපාලනයට සහය වීම බව මාධ්‍යෙව්දී විමලනාත් වීරරත්න ප්‍රකාශ කළේය.මේ හේතුවෙන් පසුගියා කාලය තුළ කතෘ මණ්ඩලය හා පරිපාලනය අතර ප්‍රතිවිරෝධතා ඇතිවූ බවද ඔහු හෙළි කළේය.