‘හුනුවටයේ කතාව’ දෙමළ බසින් රංගගත කෙරේ!

chalk-circle-tamil-version

හෙන්රි ජයසේන විසින් ‘හුනුවටයේ කතාව’ නමින් සිංහල වේදිකාවට ගෙන ආ ජර්මානු නාට්‍යකරු බර්ටොල්ට් බ්‍රෙෂ්ට්ගේ සුප්‍රකට නාට්‍ය The Caucasian Chalk Circle දෙමළ බසින් පරිවර්තනය කර රංගගත කිරීම මේ දිනවල සිදු වේ.

ආචාර්ය එම්. ෂන්මුගලිංගම් විසින් පරිවර්තිත ‘ජනකරළිය‘ කන්ඩායම විසින් ඉදිරිපත් කරන මෙම නාට්‍ය, ඔක්තෝබර් 16 වැනිදා නුවරඑලියේදී ද 18 වැනිදා මඩකලපුවේදීද 19වැනිදා චෙන්කලඩි, නැගෙනහිර විශ්වවිද්‍යාලයේදීද රංගගත  කෙරිණි.

එසේම ඔක්තෝබර් 20 වැනිදා වවුනියාව, රම්බයිකුලම් බාලිකා මහ විදුහලේදී සහ 21 කිලිනොච්චියේ සමුපකාර ශාලාවේදී රංගගත වේ.

ජනකරළිය රගහලේදී මෙසේ ප්‍රේක්ෂකයන් හමුවට එන මෙම නාට්‍ය සදහා කිසිදු අයකිරිමක් නොකෙරේ.

Leave a Reply