සයිටම් අර්බුදය පිළීබද ජනාධිපතිගෙ සාකච්ඡා දින නියමයක් නැතිව ලක් යයි

මුදලට වෛද්‍ය උපාධීය පිරිනමන්නට අවසර ඉල්ලන මාලබේ සයිටම් ආයතනය සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (13) රාත‍්‍රියේ කැදවා තිබුණූ සාකච්ඡාව දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

හදිසියේ ඇති වූ අසනීපයක් හේතුවෙන් ජනාධිපතිවරයා ඊට සහභාගි නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දන්වන ලද බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ වහාම යළිත් සාකච්ඡාවක් ලැබේ යැයි තමන් අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මේ සම්බන්ධව අදහස් දක්වමින් ජනමාධ්‍යෙව්දින්ට ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, විශ්වවිද්‍යාල පිඨාධිපතිවරුන් සහ ආචාර්යවරුන් සමග තම සංගමය අද උදැසන පැවත්වූ සාකච්ඡාවකදී සයිටම් අර්බුදය විසඳීම සඳහා පොදු එකඟතාවකට පැමිණි බව ද වෛද්‍ය නවින් ද සොයිසා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප‍්‍රකාශ කළේය.

Leave a Reply