අවුරුදු දා අරගලයට නිවාඩු නෑ…

sathyagraha

පාලකයින්ගේ අධ්‍යාපනය විකිණිමේ, අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමේ ප‍්‍රතිපත්තිවලට එරෙහිව විශ්වවිද්‍යාල ගනනාවක ක්‍රියාත්මක වන අඛන්ඩ සත්‍යග‍්‍රහයන් (14) දිනද අඛන්ඩව ක‍්‍රියාතමක වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.
අදාල නිවේදනය මගින් එම බලමණ්ඩලය පෙන්වා දෙන්නේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කිබුල් කදුළු හෙලන පාලකයින් තවමත් මෙම සිසු ඉල්ලිම්වලට විසදුම් ලබා දී නොමැති බවත් එබැවින් එම සටන් අවුරුදු නිවාඩුවද නොගෙනම අලූත් අවුරුදු දින වන අද (14) දිනද අඛන්ඩව ක‍්‍රියාතමක කරන බවයි.
එම අඛන්ඩ සත්‍යග‍්‍රහයන්ට අදට දින
විවෘත විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 119යි
රුහුණ විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 48යි
සබරගමුව විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 34යි
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 28යි
කැළණිය විශ්වවිද්‍යාලයේ අඛන්ඩ සත්‍යග‍්‍රහයට දින 28යි

Leave a Reply